රනිල්ගේ විදෙස් ගමන් වල ඇත්ත නැත්ත හොයන්න හිටපු ජනාධිපති ලේකම් CIDයට

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන පවසා ඇත.

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

මෙලෙස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියෝග කර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජධානියේ සංචාරය සහ එම සංචාරය සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ චෝදනාවට අදාල කරුණු විමසීමටය.

එහිදී වුල්වරැහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රය ‘ව්‍යාජ එකක්’ යැයි එල්ල වූ චෝදනාවට එරෙහිව ඔහු සාක්ෂි දීමට සුදානම් බවත් වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ආර්යාවට, මෙන්ම එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට ආමන්ත්‍රණය කරන ලද ආරාධනා පත්‍ර දෙකක්ද ලැබී ඇති බව වාර්තා වේ.

ඔයාගේ දරුවාව බේරගන්න - පාසල් දරුවන් අතර පැතිර යන අපරාධයක් එළියට

ඔයාගේ දරුවාව බේරගන්න - පාසල් දරුවන් අතර පැතිර යන අපරාධයක් එළියට

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරයා විසින් වුල්වරැහැම්ප්ටන් විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලද විද්‍යුත් තැපෑලකට පිළිතුරු වශයෙන්, විශ්වවිද්‍යාලය විසින් හිටපු ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද ආරාධනයේ සත්‍යතාව තහවුරු කර ඇති අතර මෙම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට සුදානම් වේ.

පිට පිට කේස් බැකෝ සමන්ගේ බිරිදට ඇඹිලිපිටිය උසාවියෙන්නුත් වරෙන්තුවක්

පිට පිට කේස් බැකෝ සමන්ගේ බිරිදට ඇඹිලිපිටිය උසාවියෙන්නුත් වරෙන්තුවක්

මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරුන් හිටපු ජනපති හා ආර්යාව සහභාගී වූ බව තහවුරු කරන රැස්වීම් වාර්තා ද ලබාගෙන ඇති බව වාර්තා වන අතර වුල්වරැහැම්ප්ටන් නගරාධිපති, ආචාර්ය මයිකල් හාඩක්‍රේ, විසින් ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව, සහ එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පැමිණීම පිළිබඳව ස්තුති කල බවත් වාර්තා වේ.