පිට පිට කේස් බැකෝ සමන්ගේ බිරිදට ඇඹිලිපිටිය උසාවියෙන්නුත් වරෙන්තුවක්
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගේ බිරියට එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
හෙරොයින් කිලෝ 42 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැකෝ සමන් නැමත්තාට එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක් පවතින බවත් එම නඩුවට අදාළව බැකෝ සමන් නැමත්තාගේ බිරියට එම මහේස්ත්රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවද එම නිලධාරියා කීය.
. බැකෝ සමන් නැමැත්තාගේ බිරිය ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොලේ දී ඊයේ (29) අපරාධ විමර්ශණ ඒකකය විසින් ප්රශ්න කිරීමට ලක් විය.