හිටපු ඇමති ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
පවුලේ ආරංචි මාර්ග පැවසු ආකාරයට ඒ මීට සුළු මොහොතකට පෙරයි.
මිය යන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇත.
ඔහු මියයන විට 82වන වියේ පසු වුණ බව සඳහන්.