උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා දැඩි ආරක්ෂක වැඩ පිළිවෙලක්

Report

එළඹෙන නත්තල් උත්සවය සහ 2026 නව වර්ෂ උදාව නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රධාන නගරකේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ බාධාවකින් තොරව කටයුතු සිදුකිරීම සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි.

නත්තල් දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම කතෝලික දේවස්ථානවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ අනුබද්ධ වැඩසටහන්වල බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආගමික නායකයින් සහ සංවිධායකයින් සමඟ සම්බන්ධීකරණය කරමින් විශේෂ පියවර ගෙන තිබේ.

දුම්රියෙන් ගමන් යන ඔබට ආරංචියක් - දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

දුම්රියෙන් ගමන් යන ඔබට ආරංචියක් - දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

මූල්‍ය ආයතන, කඩසාප්පු සංකීර්ණ ඇතුළු ජනතාව බහුලව රැස්වෙන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කෙරේ.

බුද්ධි නිලධාරීන් සහ සිවිල් ඇඳුම් ඇඳි පොලිස් නිලධාරීන් නගර මධ්‍යයේ යොදවා තිබෙන අතර, බුද්ධි තොරතුරු ලබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත.

දේශීය සහ විදේශීය සංචාරකයින් බහුලව ගැවසෙන හෝටල්, සාප්පු සංකීර්ණ සහ සංචාරක ස්ථානවල ආරක්ෂාවට ද විශේෂ අවධානය යොමු කර තිබේ.

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැකකටයුතු පුද්ගලයින්, කණ්ඩායම්, රථවාහන හෝ තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, එවැනි තොරතුරක් දුටු විට ආසන්නම පොලිස් නිලධාරියාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසත්ය.

මහජන ආරක්ෂාව සහ පහසුව සඳහා සිදුකරන මෙම රාජකාරිවලට මහජන සහයෝගය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්