උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ පහසුව සඳහා අමතර බස් රථ ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කර තිබේ.
ඒ අනුව හෙට සිට ලබන 27 වනදා දක්වා එම බස් රථ ධාවනය කරන බව ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න මහතා සඳහන් කරයි.
ඒ වගේම හෙට බස් රථ 107 ක් කොළඹින් එළියට ගම්පහ, කළුතර ඌව මහ නුවර රජරට උතුර ආදී ප්‍රදේශයන් ට යොදවා ඇති බව එතුමා සදහන් කර තිබේ.
ඒ අනුව 25 ස් වෙනිදා බස් රථ 75 ක ප්‍රමාණයක් ,26 වෙනිදා අමතර බස් රථ 60 ක ප්‍රමාණයක් ,27 වනදා අමතර බස් රථ 52 ක ප්‍රමාණයක්, අමතරව යොදවා ඇති බව එතුමා සදහන් කර තිබේ.
සමහර ප්‍රදේශ වල දුම්රිය ගමනාගාමනය පවා ඇණ හිටීම ආදී හේතු නිසා මෙම තීරණය ගත් බව සජීව මහතා සදහන් කරයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ 1958 දුරකථන අංකය මගීන්ගේ අවශ්‍යතා දැනුම් දෙන ලෙසද එතුමා සදහන් කර තිබේ.