ලිදුල රක්ෂිතයම ගිනි ගනී - පිරිසක් ගිනි තියලා පැනලා ගිහින්
By Ashfa
ලිදුල පොලිස්වසමට අයත් ලැමරිය වතුයායේ ඉලුක් සහිත වන වගා රක්ෂිතයක ගින්නක් හට ගෙන ඇත. අද (25) දින පස්වරු 2:00ට පමණ කිසියම් පිරිසක් විසින් තැබූ ගින්න එම රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බව තොරතුරු හෙළි වී ඇත.
තලවකැලේ ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික වියලි කාලගුණයත් සමග මෙවැනි රක්ෂිතවලට ගිනි තැබීම් සිදු කරන පුද්ගලයින් පිලිබඳව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස තලවකැලේ පොලිසියේ නිළධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.