විජේගේ මහ ඇමති පට්ටම ගැලවෙයිද? හොර ඡන්දය ප්‍රකාශයක් වාර්තා වෙලා
අප්‍රේල් 23 වැනිදා පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ව්‍යාජ ලේඛන සකස් කර, නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කළ බවට සැකපිට විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
චෙන්නායිහිදී කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු ද වන බවයි. එමෙන්ම එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව සහ කැනඩාවේ පුද්ගලයෙකු ද ඒ අතර වන බව එම වාර්තාවල සඳහන් වේ.