විදේශ අමාත්‍ය විජිත හේරත්ගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හෙට (08) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.
ඒ අනුව අඳාළ ප්‍රකාශය ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් සහ එම සැසිවාරයේදී ප්‍රකාශ කළ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් සිදු කරන බව නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
ඔහු මේ බව කියා ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ඒ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීයි.