වැරැද්ද වහගන්න පොත් ලක්‍ෂ හතරක පිටු ලක්‍ෂ අටක් කඩලා - රාජිත

Report

හය ශ්‍රේණියේ දරුවන්ගේ ඉංග්‍රීසි විෂය නිර්දේශයට අසබි වෙබ් අඩවියක් එකතුවීම සම්බන්ධයෙන් මේ දවස්වල බොහෝ දෙනා විවිධ අදහස් පළ කර තිබේ. ඒ අනුව මෙයා ආණ්ඩුව හිතා මතාම සිදුකළ දෙයක් බවටත් විපක්ෂය චෝදනා කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, වර්තමාන රජයට පාසල් පෙළපොතක් නිසි ලෙස මුද්‍රණය කර ගැනීමට හැකියාවක් නොමැති බව චෝදනා කළේය.

ඔහු සඳහන් කළේ, මුද්‍රණය කර ඇති පෙළපොත් ලක්ෂ හතරක පමණ වන අතර පිටු දෙක බැගින් පිටු ලක්ෂ අටක් ඉරා ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවයි.

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මෙය බරපතළ අකාර්යක්ෂමතාවක් බවත්, වැරදි සිදු වූ විට පිළිගැනීම ප්‍රතිපත්තිය විය යුතුයැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. සේනාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, වත්මන් පාලකයින් තමන්ගේ අතින් සිදුවන වැරදි ‘කුමන්ත්‍රණ’ ලෙස හැඳින්වීමට උත්සාහ කරන බවයි.

“අනුන් අතින් වරදක් වූ විට දැඩි ලෙස විවේචනය කරන පිරිස, තමන් අතින් වරදක් සිදු වූ විට එය කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වනවා. තමන් මුද්‍රණය කළ පොතක වැරදි සිදු වූවා නම් එහි වගකීම රජය භාරගත යුතුයි. ඒ වෙනුවට රහස් පොලිසියට යන්නේ කුමක් සඳහාද?”

යන්න ඔහු ප්‍රශ්න කළේය. එමෙන්ම, සේනාරත්න මහතා අදහස් පළ කළේ, ශානි අබේසේකර වැනි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම පත් කරනු ලැබුවේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විය හැකි බවටයි. රජය තමන්ගේ අසාර්ථකභාවය වසා ගැනීමට විමර්ශන ආයතන අවභාවිත කරන බවද ඔහු අවධාරණය කළේය.

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්