පිටි මිල සහ පාන් මිල පහලට.? - අඩු වන මිල ගණන් මෙන්න.

By Wayomi Jan 15, 2025 11:08 AM GMT
Report

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කිරීමට කටයුතු කරන්නේ නම් පාන් රාත්තලක් රුපියල් 100 කට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සමග පෙරේදා (13) පැවැති සාකච්ඡාවකදී දැනුම් දී තිබෙනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඇතුළු බේකරි හිමියන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූ අතර මෙම සාකච්ඡාව එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී බේකරි හිමියන් විසින් ඇමැතිවරයාට කියා සිටියේ,ඩොලරයේ මිල අඩු වූවත් තවමත් තිරිඟු පිටි කිලෝවක් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ රුපියල් 190 කට බවත්, තිරිඟු පිටි ආනයනයේදී කිලෝවකට අය කරන රුපියල් 45 ක බද්ද අඩු කර ඕනෑම අයෙකුට තිරිඟු පිටි ආනයනය කළ හැකි පරිදි අවස්ථාව ලබා දෙන්නේ නම් සමාගම් වල ඒකාධිකාරය බිඳ වැටෙන බවත්ය.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

එමෙන්ම, ලෝක වෙළෙඳපොළේ මාගරින් කිලෝවක මිල රුපියල් 400 ක් වූවත්, මෙරට වෙළෙඳපොළේ මාගරින් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 900 කට බවත්, මාගරින් සඳහා කිලෝවකට අය කරන රුපියල් 600 ක බද්ද අඩු කිරීමට කටයුතු කර මාගරින් ආනයනය කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව සලසන්නේ නම් රජයට වැඩි බදු ආදායමක් ලැබෙන බවත්, බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කිරීමට හැකි බවත් බේකරි හිමියෝ ඇමැතිවරයාට පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් පාන් මිල ඉහළ යාම නිසා පාන් පාරිභෝජනය මේ වනවිට යම් ප්‍රමාණයකින් අඩුවී ඇති බවයි බේකරි හිමියන් ඇමැතිවරයාට පවසා ඇත්තේ.

එමෙන්ම බේකරි හිමියන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා තිරිගු පිටි, මාගරින් ආනයනකරුවන් කැඳවා කඩිනමින් සාකච්ඡාවක් පවත්වන බවද ඇමැතිවරයා බේකරි හිමියන්ට දැනුම්දී ඇත.

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?


You May Like This Video