පහත්බිම් සහ ගංගා ද්‍රෝණි ආසන්නයේ ජීවත් වන ජනතාවට ඉදිරියේදී වෙන්න යන දේ - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත්කිරීමක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, දිවයින පුරා ජලාශ ආශ්‍රිතව ලැබී ඇති වර්ෂාපතනය නිසා මේ වන තෙක් කිසිදු ගංවතුර තත්ත්වයක් හටගෙන නොමැති බව සඳහන් කරයි.

ඒ අනුව පවතින වැසි තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම්වල සාමාන්‍ය ඉහළ යාමක් පෙන්නුම් කළත්, එය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර පවසන බව සඳහන්.

එමෙන්ම කළු ගඟ සහ කැලණි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම්වල සැලකිය යුතු ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

එසේම අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම සහ කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල පවතින අධික වර්ෂාපතනය නිසා දැදුරු ඔය සහ රාජාංගන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත.

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

මේ වන විට දැදුරු ඔය ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 5,300ක ප්‍රමාණයක් සහ රාජාංගනය ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 2,300කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතියි.

එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනවලට අනුව ඉදිරියේදී නිරිත දිග ප්‍රදේශවලට තරමක තද වැසි අපේක්ෂා කළ හැකි අතර එහිදී විශේෂයෙන් යාපනය සහ මන්නාරම වැනි දිස්ත්‍රික්කවල ක්ෂණික වර්ෂාපතනයන් නිසා පහත් බිම් යටවීමේ හැකියාවක් පවතින බවද වාර්තා වේ.

මේ හේතුවෙන් පහත්බිම් සහ ගංගා ද්‍රෝණි ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි