මොදිගේ ගේම නිසා IPL වහාම නවතී

Report

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය වහාම අත්හිටුවීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

මේ දිනවල ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය රජය පවසන්නේ.

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

දෙරට අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වයන් මත තරගාවලිය පැවැත්වීම දැඩි අවදානම් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් දින නියමයක් නොමැතිව මෙම තරගාවලිය කල්දමා ඇති අතර ඉදිරියේදී ඒ පිළිබඳ තවදුරටත් දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ වන විට යුදමය තත්ත්වයක් වාර්තා වන අතර දෙරට අතර ගුවන් ප්‍රහාර පවා එල්ල බ්වෙමින් පවතිනවා.

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

ඒ හේතුවෙන් දෙරට අතර ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රධාන පෙලේ ගුවන් තොටුපොළවල් වසා දැමීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම පාකිස්ථාන බලධාරීන් සිය රටේ පැවැත්වෙන සියලුම ක්‍රිකට් තරග ඩුබායි දී පැවැත්වීමට කටයුතු කරන බව නිවේදනය කර තිබෙනවා.