පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට

By Hashini Apr 17, 2025 01:35 PM GMT
Report

පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු රුපියල් මිලියන 30ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට අනුයුක්ත අයෙක්.

පොලිසිය පවසන්නේ මෙම පිරිස දෙවුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

තැපැල් ඡන්දයේ දින වෙනසක්

තැපැල් ඡන්දයේ දින වෙනසක්

පොලිසිය පවසන්නේ එම කාර් රථයේ පසුපස සඟවා තිබු රුපියල් තුන් කෝටි විසිඅට ලක්ෂ හතලිස් දහසක් සහ ග්‍රෑම් 150ක රන් භාණ්ඩ එහිදී සොයා ගත් බවයි.

කාර් රථයේ රියදුරු ලෙස සිට ඇත්තේ පොලිස් කොස්තාපල්වරයායි.

මුදල් ලැබී ඇත්තේ පොලිස් නිලධාරියාගේ විදේශගතව සිටින සහෝදරියකගෙන් ලැබුණු බවයි කියා ඇත්තේ.

මුලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ අදාළ කාර් රථය දෙනිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කොට ඇති බවත් ඇය පොලිස් නිලධාරියාගේ ඥාති සහෝදරියක් බවයි.

සැකකරුවන් වයස අවුරුදු 45 - 50 අතර වයස්වල පසුවන දෙවුන්දර, මාතර වේරදුව , උදුපීක්වැල්ල හා කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. 

හෙටත් පළාත් රැසකට වැසි

හෙටත් පළාත් රැසකට වැසි