තැපැල් ඡන්දයේ දින වෙනසක්

Report

මැතිවරණ කොමිෂන් සභාව 2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ . එල්. රත්නායක මහතා සඳහන් කළේ අදාළ සංශෝධිත දින වන්නේ අප්‍රේල් මස 24, 25, යන දෙදිනයි.

ඒ අප්‍රේල් 22 සහ 23 යන දිනවල පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද දිනයන් වෙනුවටයි.

මේ අතර අප්‍රේල් 28 සහ 29 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සාමාන්‍යා පරිදි පැවැත්වෙනවා.

අද කොළඹ කොටස් වෙළඳපොල පහළට

අද කොළඹ කොටස් වෙළඳපොල පහළට

ලබන 21 වනදා පළාත් පාලන ආයතන 112ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 232,558ක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එසේම පසුගිය 07 වනදා වනවිට පළාත් පාලන ආයතන 113කට තැපැල් ඡන්ද පත්‍රිකා 187,345ක් සහ 10 වනදා වන විට පළාත් පාලන ආයතන 105ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 211,904ක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කලේ මෙම මස 15 වනදා වනවිට පළාත් පාලන ආයතන 9ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 16,688ක් නිකුත් කර බවයි. 

 

හෙටත් පළාත් රැසකට වැසි

හෙටත් පළාත් රැසකට වැසි