මට වුවමනාවක් තිබ්බෙ නෑ හැබැයි මාව ඒකට තල්ලු කළා මම ගොඩක් ට්‍රයි කළා ඒත් දැන් ඇති..නතර කරපු හේතුව රටටම දුකෙන් කියපු දේශානි[PHOTOS]

Report

මේ දවස්වල සමාජ මාධ්‍යයේ කතා මවන අය අතරෙ උඩින්ම ඉන්න කෙනෙක් තමයි දේශානි නෙහාරා කියලා කියන්නේ.

ඇය රංගන ශිල්පිනියක් විදිහට ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ ආන්‍යා විදියට ජනප්‍රියත්වයේ උඩින්ම ඉද්දි තමයි තිරයෙන් ඈතට යන්නේ.

ඒ ගුවන් සේවිකාවක් විදිහට තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න.

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

මේ නිසා ඇයව නිතර නිතර තිරය ඉදිරියේ දකින්න ලැබෙන්නෙ නෑ. කොහොම වුණත් ඇය සම්පූර්ණයෙන් ම රංගනයට නම් සමු දීලා තිබ්බේ නැහැ.

ටික කාලයකට ඇය ගැන කතා මතු නොවුණත් ඔන්න දැන් නම් ඇය ගැන කතා මවනවා.

ඒ ඇය ජනප්‍රිය නළු ඉසුරු සමඟ නිතර දක්නට ලැබීමත් එක්ක. කොහොම වුණත් දේශානි ගැන ඇහෙන අලුත්ම කතාව තමයි ඇය ගුවන් සේවිකාවක් විදිහට තමන්ගේ රස්සාවෙන් ඉවත් වෙලා කියන කාරණය.

කොහොම වුණත් ඇය නම් කියන්නේ රංගනය ද ගුවන ද කියන ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරාගන්න තමන් කාලයක් තිස්සේ බලාගෙන සිටි බව.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ ඇය මුහුණ දුන්නු දුෂ්කරතා නිසා. රංගනය සහ ගුවන් සේවිකා කියන ක්ෂේත්‍ර දෙකේම කාර්‍යබහුල වීමත් එක්ක දැනුණු දැඩි වෙහෙස නිසා පොඩි කාලෙකට හරි දීර්ඝකාලීනව හරි ගුවන් රැකියාවට සමුදීලා, තමන්ගේ ලොකුම ආසාව වුණ රංගන හීනයට මුල්තැන දෙන්න ඔන්න ඇය තීරණයක් අරන්.

ඒ ගැන ඇය කිව්වෙ මෙවැන්නක්.

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

”ඇත්තටම මම ගෙදර බල කිරීමට තමයි මේ රැකියාවට යන්නෙ. මගෙ හීනයක් වුණත්, මෙච්චර ඉක්මනට ඒකට යන්න වුවමනාවක් තිබුණෙ නෑ පිටරටක. අවස්ථාව හම්බුණු නිසා මාව ඒකට තල්ලු කළා. ඊට පස්සෙ මාත් ගියා. මට හරි දුක හිතුණා මං දාලා යන්නෙ ගොඩක් හොඳ දේවල් කියලා. මම කොහොම හරි ට්‍රයි කළා, ඒකත් කරගෙන යන ගමන් මේ වැඩත් කරන්න ඕනියි කියලා. මට ඒකට මෙහෙදිත් සහයෝගයක් හම්බුණා. කොහොම නමුත් ඇත්තටම මම යුද්ධයක් කළේ. සමහර දවස්වලට ෆ්ලයිට්ස් කරලා ඇවිල්ලා අනිත් පැත්තට නිදාගන්නෙත් නැතුව ශූටින් කරලා ආයෙම මම යනවා. ගෙදර අයව හම්බෙන්නෙත් නෑ. කෙලින්ම එයාර්පෝට් එකෙන් ශූටින්වලට යනවා. ආයෙම එහෙ ගිහිල්ලා ෆ්ලයි කරනවා. මට ගොඩක් ඒක වෙහෙසකාරී වුණා. ඒකයි මම පොඩ්ඩක් හිතුවෙ නතර කරලා රංගනයට තැනක් දීලා ඊට පස්සෙ පොඩ්ඩක් බලනවා කියලා. ”  

[

GalleryGalleryGalleryGalleryGallery