මුහුදු ප්‍රදේශ රළු වීමත් සමඟ හදිසි දැනුම්දීමක් - නැවත දැනුම් දෙන තුරු දැඩි අවධානයෙන් පසුවන්නැයි දන්වයි
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා නුසුදුසු බව දැනුම් දී ඇත.
ඒ අනුව මෙම දැනුම්දීම නිකුත් කර ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (06) දින නිකුත් කළ තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුවයි.
එහි සියලුම ධීවර කාර්මිකයන්ට දැඩි ලෙස අවවාද කර ඇත්තේ නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා පිටත්ව යාමෙන් වළකින ලෙසයි.
එමෙන්ම, සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු වෙනුවෙන් පිටත්වන යාත්‍රා ද මාතර සිට පොතුවිල් දක්වා නම් කර ඇති අවදානම් මුහුදු කලාපයට ඇතුළු වීමෙන් හෝ එහි ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
තවද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ ඉදිරි නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂක උපදෙස් පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ය.