මාංශ භක්ෂක මත්ස්‍යයෙක්ගෙන් ධීවරයින්ට කරදර ..

By Piyumika Sep 30, 2024 03:05 AM GMT
Report

දැදුරු ඔය ජලාශයේ අක්‍රමණික මාංශ භක්ෂක මත්ස්‍යයෙකු හේතුවෙන් ජලාශයේ මත්ස්‍ය සම්පත විනාශවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බව ජලාශය ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරතවන ධීවරයින් පවසනවා.

ඔන්න ලබන මස 2 බදාදා අහසේ මෙන්න මෙහෙම දෙයක් වෙනවලු ..

ඔන්න ලබන මස 2 බදාදා අහසේ මෙන්න මෙහෙම දෙයක් වෙනවලු ..

එමෙන්ම දැදුරු ඔය ජලාශය පුරා මෙම මත්ස්‍ය විශේෂය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් ස්වභාවික මත්ස්‍ය සම්පතට බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න ඉතාමත්ම පහළ මට්ටමකට වැටීම හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති බවයි එම ජලාශය ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරතවන ධීවරයින් පෙන්වා දෙන්නේ.

සත්තු වත්ත බලන්න යන්න හිටිය ඔයාටයි මේ ආරංචිය ..

සත්තු වත්ත බලන්න යන්න හිටිය ඔයාටයි මේ ආරංචිය ..

මේ සඳහා කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් ධීවර තොටුපල ආශ්‍රිතව ජීවත් වන පවුල් දහසකට ආසන්න පිරිසකගේ ජීවනෝපායන් අහිමිවන බවයි ඔවුන් කියා සිටියේ.