සත්තු වත්ත බලන්න යන්න හිටිය ඔයාටයි මේ ආරංචිය ..

Report

ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දින සැමරුමට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සපිරී යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12 න් පහල සියලු ළමුන්ට නොමිළයේ ඇතුල්වීමට පහසුකම් සලසා ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

ඔන්න ලබන මස 2 බදාදා අහසේ මෙන්න මෙහෙම දෙයක් වෙනවලු ..

ඔන්න ලබන මස 2 බදාදා අහසේ මෙන්න මෙහෙම දෙයක් වෙනවලු ..

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන දැනුම, ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ පිළිබඳව ආකල්ප වැඩි දියුණු කිරීම, දූ දරුවන්ගේ හැකියාවන් ඔප් නැංවීම, විනෝදාස්වාදය ලබාදීම වැනි අරමුණු කීපයක් ඔස්සේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩ සටහන් රාශියක් පෙ.ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනුෂිකා මානවඩු මෙනෙවිය වැඩි දුරටත් කියා සිටියාය.