පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට බ්‍රේල් ක්‍රමයට ලියූ යෝජනාවක් නැති සබයට
By Gagana News
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත විසින් අද (24) දින බ්‍රේල් ක්‍රමයට ලියන ලද සටහනක් භාවිතා කරමින් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
එය පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට සිදුවූවක් බවයි සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් දෘශ්‍යාබාධිත මාලිමා මන්ත්‍රී සුගත් වසන්ත සඳහන් කළේ, බ්‍රේල් ක්‍රමයට යෝජනාව ලියා කියවීමට ලැබීම ගැන තමා ආඩම්බර වන බවයි.
බ්‍රේල් යනු දෘශ්‍යාබාධිත පුද්ගලයින් විසින් භාවිතා කරන ස්පර්ශ ලිවීමේ ක්‍රමයක්.