ප්‍රමාද වූ සියළු පාස්පෝට් මාසයක් ඇතුළත ලබාදීමට පියවර

Sri Lanka Passport Economy of Sri Lanka
By Gagana News Feb 24, 2025 07:58 PM GMT
Gagana News

Gagana News

Report

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් ඒ වෙනුවෙන් සිදු කරන කැපවීම වෙනුවෙන් සභාපතිවරයා ඔවුන් වෙත සිය ස්තුතිය පළ කළ අතර තවද ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් අදාළ මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමෙන් පසු යාපනයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රාදේශීය කාර්යාල වල ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී පැවසුවේය.

එළඹෙන වසරේ සිට අලුත් අවුරුදු නැකත් සම්පාදනය නව වැඩපිළිවෙළකින්

එළඹෙන වසරේ සිට අලුත් අවුරුදු නැකත් සම්පාදනය නව වැඩපිළිවෙළකින්

මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර ජනාධිපති උපදේශක තනතුරට!

මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර ජනාධිපති උපදේශක තනතුරට!

ReeCha