ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

Report

සීනිගම දේවාලයේ පැවතෙන ඓතිහාසික ශ්‍රී මහා දේවල් පෙරහැර හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම පිළිබඳව පොලිසියය විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර 2025.08.24 වන දින සිට 2025.08.26 වන දින දක්වා ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පහත පරිදි වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

බස් නැවතුම්පොලේ නාදුනන මළ සිරුරක්

බස් නැවතුම්පොලේ නාදුනන මළ සිරුරක්

2025.08.24 වන දින දිවා පෙරහර දහවල් 01.00 සිට රාත්‍රී 10.00 දක්වාද, 2025.08.25 හා 26 වන දිනයන්හි මහ පෙරහර රාත්‍රී 07.00 සිට අළුයම 02.00 දක්වාද කොළඹ ගාල්ල මාර්ගයේ වීථි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

බස් නැවතුම්පොලේ නාදුනන මළ සිරුරක්

බස් නැවතුම්පොලේ නාදුනන මළ සිරුරක්

එබැවින් එම පෙරහර ගමන් ගන්නා කාලය තුල කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය හික්කඩුව හන්දියේ සිට කහව හන්දිය දක්වා ගමනා ගමනය සීමා කරන අතර එම කාලය තුල මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෙන අයට සුභයි -රජය කරන්න යන දේ මෙන්න

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෙන අයට සුභයි -රජය කරන්න යන දේ මෙන්න

විකල්ප මාර්ග කොළඹ දෙස සිට ගාල්ල දෙසට පැමිණෙන වාහන කහව හන්දියෙන් වමට හරවා මීටියාගොඩ, කිරළගහවෙල, අළුත්වල සරණ හන්දියෙන් දකුණට හැරී ගෝනපීනුවල හරහා කුමාරකන්ද හන්දියෙන් ගාලු පාරට පිවිසීමට හෝ ගෝනපීනුවල හික්කඩුව මාර්ගයෙන් හික්කඩුව නගරයෙන් ගාලු පාරට ගමන් කල හැක.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන හික්කඩුව නගරයෙන් හැරී ගෝනපීනුවල, දුවත්ත හන්දිය, අම්පේගම, බටපොල නගරය තිලකපුර මාර්ගය ඔස්සේ අම්බලන්ගොඩ රොසෙත් හන්දියෙන් ගාලු පාරට ගමන් කල හැක.