හිටපු අමාත්‍ය තිස්ස විතාරණගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දෙයි
අභවප්‍රාප්ත මෙරට වාමාංශික ව්‍යාපාරයේ දැවැන්තයෙකු මෙන්ම, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණගේ අවසන් කටයුතු අනිද්දා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව දැනුම් දී තිබේ.
ඒ අනුව ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අද දිනය පුරා බොරැල්ලේ පිහිටි එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබේ.
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (13) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වූ බව සඳහන්. පර්යේෂණ ආයතන ශක්තිමත් කිරීම, නවෝත්පාදන ප්‍රවර්ධනය සහ තරුණ විද්‍යාඥයන්ට අවස්ථා සලසීම සඳහා තිස්ස විතාරණ මහතා, මහත් උත්සාහයක යෙදුණුහ.
2017 දී ඔහුට විද්‍යා ජ්‍යෝති (Vidya Jyothi) සම්මානය හිමි විය. 2019 දෙසැම්බර් 4 දා උතුරු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස පත් විය.