බාල වයස්කාර දියණිය උසස්පෙළ පෙම්වතා සමග මහමග මුකුළු කරන සැටි දුටු පියා පෙම්වතාට කරපු දෙයක්..

By Piyumika Nov 17, 2024 08:17 AM GMT
Report

 පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.

චීනය පිළිබද මතවාදී අදහස් දරන නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ තීරණය..

චීනය පිළිබද මතවාදී අදහස් දරන නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ තීරණය..

මෙම පියාගෙන් බරපතල පහර කෑමට ලක් වූ පාසල් සිසුවා ආඩියාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දඹුල්ල රෝහලටත් දඹුල්ල රෝහලෙන් අසාධ්‍ය තත්ත්වයේ මහනුවර මහ රෝහලටත් ඇතුළත් කොට මේ වනතුරුත් කිසිදු සිහියක් නොමැතිව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ගල්කිරියාගම පොලිසිය කියයි.

උසස් පෙළ විභාග ශාලාවල සහකාර ශාලාධිපති ඇතුලු නිරීක්ෂණ ගුරුවරුන් සම්බන්දව තහනමක්..

උසස් පෙළ විභාග ශාලාවල සහකාර ශාලාධිපති ඇතුලු නිරීක්ෂණ ගුරුවරුන් සම්බන්දව තහනමක්..

පසුගිය දිනෙක මෙම පාසල් සිසුවා පහලොස් හැවිරිදී එකම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවිය සමගින් උපකාර පංති යන අවස්ථාවක මහමග ප්‍රදේශයේ ස්ථානයක කතා කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පියා මෙම දියණියටත් පාසල් සිසුවාටත් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී යයි පොලීසිය කියයි.