උසස් පෙළ විභාග ශාලාවල සහකාර ශාලාධිපති ඇතුලු නිරීක්ෂණ ගුරුවරුන් සම්බන්දව තහනමක්..

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Piyumika Nov 17, 2024 07:12 AM GMT
Piyumika

Piyumika

Report

සහකාර ශාලාධිපති ඇතුලු නිරීක්ෂණ ගුරුවරුන්ට, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කර තිබේ.

දුරකතන රැගෙන යාමට අවසර හිමිවන්නේ, විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිට හා අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණි.

චීනය පිළිබද මතවාදී අදහස් දරන නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ තීරණය..

චීනය පිළිබද මතවාදී අදහස් දරන නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ තීරණය..

පසුගිය කාලයේ උද්ගත වූ ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ, අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ද, ශක්තිමත් කර ඇත. ඒ අනුව අධීක්ෂණ කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප කාර්යාලවල නිලධාරීන් ද යොදා ගැනෙනු ඇති.

මෝටර් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු මරුට..අයෙකු මෝටර් රථයේ සවිකර තිබූ කැමරාව ගලවන් පැන ගිහින්..

මෝටර් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු මරුට..අයෙකු මෝටර් රථයේ සවිකර තිබූ කැමරාව ගලවන් පැන ගිහින්..

එක් අධීක්ෂක නිලධාරියෙකු දින 15 ක් තුළ විභාග මධ්‍යස්ථාන 20ක් ආවරණය කළ යුතු වේ.

උසස් පෙළ විභාගය, ලබන 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. ඒ, විභාග මධ්‍යස්ථාන 2,312 කදීයී. ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව, 333,185 ක්.  

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha