තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ දිගම්පතහ මාරක අනතුර

Report

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී (09) වැනිදා රාත්‍රියේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු මියගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසයි.

සීගිරිය පොලිසිය සඳහන් කරන ආකාරයුඅට මේ අතර වෑන් රථයේ රියැදුරු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. වෑන් රථය දඹුල්ල සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබියදී හබරණ දෙසින් දඹුල්ල දෙසට යතුරුපැදිය ධාවනය කර තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී තවත් වාහනයකට ඉස්සර කිරීම සඳහා යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 වයස්වල පසුවූ දිගම්පතහ ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන දඹුල්ල සහ තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බව සඳහන්.

මෙම තරුණයින් දෙදෙනා හෝටලයේ සේවය කරමින් සිටියදී රෝගියෙකු බැලීම සඳහා දඹුල්ල රෝහලට ගමන් කරමින් සිටි අතරතුර මෙම අනතුරට ලක්ව ඇත.

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක

කෙසේ වෙතත් අනතුර සිදුවූ ආකාරය පිළිබඳව නිශ්චිතව අනාවරණය කර ගැනීමට නොහැකි බවත් අනතුරත් සමග මියගිය තරුණයින් දෙදෙනා මාර්ගයෙන් ඉවතට වැටී තිබුණු බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස 18ක් වූ තරුණයා දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශයේ පදිංචි ගිම්හාන ජයතිලක බවත් 20 හැවිරිදි තරුණයා තනමල්විල ප්‍රදේශයේ පදිංචි තවිදු චේතිය රත්නායක බවටත් හඳුනාගෙන තිබෙන බව පොලිසිය සදහන් කරයි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

සාමාන්‍ය පෙළ සදහා විශේෂ නිවේදනයක් - නීතිය හමුවේ වර­ද­ක­රු­වකු නොවන්න

සාමාන්‍ය පෙළ සදහා විශේෂ නිවේදනයක් - නීතිය හමුවේ වර­ද­ක­රු­වකු නොවන්න