අවුරුදු තුනහමාරක සිගිත්තෙක්ට හා අවුරුදු 17 ක තරුණයෙකුට දිවි අහිමි කල මාරකය..

Sri Lanka Police Sri Lanka Accident Death
By Piyumika Oct 14, 2024 03:35 AM GMT
Piyumika

Piyumika

Report

ගම්පොල නගරයේ දී ගම්පොල දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම අනතුර ඊයේ (13) පස්වරුවේ සිදුව ඇති බවය.

ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

අවුරුදු 17ක පාසල් සිසුවෙකු ධාවනය කළ ජීප්  රථය ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ ගැටීමේදී ත්‍රීරෝද රථය පෙරළී ගොස් එහි සිටි රියදුරු හා කුඩා දරුවෙකු ඉන් ඉවතට විසි වී ගොස් තිබේ. ජීප් රථය ද ඉදිරියටම ධාවනය වී මාර්ග අසල වෙ‍ෙළදාම් කරන කරත්තයක හා තවත් ත්‍රීරෝද රථයක ද ගැටී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු, පිරිමි දරුවා හා වෙළෙදාම් කටයුතුවල යෙදී සිටි පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් කිරීමේ දී පිරිමි දරුවා මියගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට තම මිත්තණිය බැලීම සඳහා ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නමැති අවුරුදු තුන හමාරක දරුවෙක්.

ජීප් රථය පැදවූ පාසැල් සිසුවා ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර ඔහු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට ආපු අය කපු කතට ශාන්ති කර්මයක් සිදුකර ගිහින් ..

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට ආපු අය කපු කතට ශාන්ති කර්මයක් සිදුකර ගිහින් ..

මේ අතර, කළුවාංචිකුඩි, මඩකලපුව - කල්මුණ ප්‍රධාන මාර්ගයේ ඔන්දච්චිමඩම් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

මඩකලපුව දෙස සිට කල්මුණ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් පැදිකරු හා පසුපැදිකරු මාර්ගයේ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී, යතුරුපැදිය ඉදිරියට ඇදීගෙන ගොස් මාර්ගයේ පැමිණි පාපැදිකරුවෙකුගේ ද ගැටී මෙම අනතුරක් සිදුව ඇත.

ඊයේ (13) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ පැදිකරු, පසුපැදිකරු හා පාපැදිකරු කලවංචිකුඩි රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකරු මියගොස් තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ..ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට වෙනම අවස්ථාවක් ..

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ..ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට වෙනම අවස්ථාවක් ..

පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.මියගොස් ඇත්තේ අවුරුදු 17 ක් වූ තාන්දාමලය, කොක්කඩිචෝලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.