ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට ආපු අය කපු කතට ශාන්ති කර්මයක් සිදුකර ගිහින් ..

By Piyumika Oct 14, 2024 02:30 AM GMT
Report

දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය කපා තුවාල කර තිබෙනවා.

ඒ සමගම රු.409,000කට අධික වටිනා මුදල් හා දේපොළ පැහැරගෙන පලා ගොස් ඇති බවයි කටුගස්තොට පොලීසිය පවසන්නේ.

සමේ පැහැය වැඩි කරගන්න ඔයත් ක්‍රීම් එකක් ගෙන්න ගත්තද..?

සමේ පැහැය වැඩි කරගන්න ඔයත් ක්‍රීම් එකක් ගෙන්න ගත්තද..?

ශාන්ති කර්ම සිදුකරන බව කියන කාන්තාවගේ සැමියාටද මෙම කොල්ලකරුවන් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව කියා පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා අඹු සැමි යුවළ මරා දමන බවට තර්ජනය කර තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනාට පහරදී ශාන්ති කර්ම කරන කාන්තාවගේ ගෙල සහ කට ප්‍රදේශය පිහියකින් කපා තුවාල සිදුකර දෙදෙනාම සාලයේ බිම දිගා කර තිබෙන බව පැවසෙනවා.

සැමියා විකුනපු වී මිටිය මොකක්ද කියලා බලද්දී බිරිදට දෙවියෝ සිහි වෙලා..කඩේ මුදලාලිත් පෙර පිනක් පල දීලා කියලා හිතලා..

සැමියා විකුනපු වී මිටිය මොකක්ද කියලා බලද්දී බිරිදට දෙවියෝ සිහි වෙලා..කඩේ මුදලාලිත් පෙර පිනක් පල දීලා කියලා හිතලා..

මෙහිදී කාන්තාව පැළඳ සිටි රන් කරාඹු ජෝඩුව ගලවාගෙන නිවසේ තිබූ ජංගම දුරකථන හතරක් සහ ටැබ් යන්ත්‍රයක් ඇතුළු දේපොළ කොල්ලකා පලා ගොස් තිබෙනවා.

මීට අමතරව රු.73,000ක මුදලක්ද සොරාගෙන ඇතැයි කටුගස්තොට පොලීසිය පවසනවා.