සමාජ මාධ්‍ය කළඹපු වීඩියෝවේ අපරික්ෂාකාරී ලෙස රිය පදවපු රියදුරු කොටු

Report

කටුගස්තොට ප්‍රදේශයේ අනතුරුදායක ලෙස රිය ප පදවන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් පසු ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රථවාහන හා මාර්ග ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය.

ත්‍රිරෝද රථ රියදුරෙකු මාර්ගයේ නොසැලකිලිමත් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන දර්ශන මහජනතාව විසින් බෙදා ගැනීමෙන් පසුව පොලිසිය මුලින්ම සමාජ මාධ්‍ය හරහා සිද්ධිය දැනගත් බව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා සදහන් කරයි .

අඟහරුවාදා (10) කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයාට මේ පිළිබඳව වාර්තා කිරීමෙන් පසුව, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමට වගකිව යුතු බවට සැක කෙරෙන 26 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

  මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කරන ලද මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් සැකකරු ගංජා භාවිතා කර ඇති බව අනාවරණය වූ බව ඔහු පැවසීය.

නීති විරෝධි ලෙස රැස්කර තබා ගත් ඩීසල් ලීටර 19,060ක් සමග 4 දෙනෙක් කොටු

නීති විරෝධි ලෙස රැස්කර තබා ගත් ඩීසල් ලීටර 19,060ක් සමග 4 දෙනෙක් කොටු

කකරු අද අධිකරණයට ඉදිරිපත් කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් සාපරාධී මිනීමැරුම් උත්සාහයක් ඇතුළු චෝදනා එල්ල වී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා පැවසීය.

ත්‍රිරෝද රථයේ පැවරුම් ලියකියවිලි නිසි ලෙස අත්සන් කර නොමැති බව ද විමර්ශකයින් සොයා ගන්නා ලදි එහි ප්‍රතිඵලයක් ලෙස ගලහ ප්‍රදේශයේ වාහනය විකුණූ පුද්ගලයා සහ ගැනුම්කරු ද මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ විමර්ශනය කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරයි .

සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් කළ මහජනතාවට ද ඔහු ස්තූති කළ අතර අනතුරුදායක රිය පැදවීම සහ ඒ හා සමාන වැරදි සම්බන්ධයෙන් මහජනතාව විසින් සපයන ලද තොරතුරු මත පොලිසිය දිගටම ක්‍රියා කරන බව පැවසීය.

මැද පෙරදිග යුද උණුසුම දරුණු අතට - ඉරාක මුහුදු සීමාවේ දී ඉරානය තෙල් නැව් දෙකක් ගිනිබත් කරයි

මැද පෙරදිග යුද උණුසුම දරුණු අතට - ඉරාක මුහුදු සීමාවේ දී ඉරානය තෙල් නැව් දෙකක් ගිනිබත් කරයි