නීති විරෝධි ලෙස රැස්කර තබා ගත් ඩීසල් ලීටර 19,060ක් සමග 4 දෙනෙක් කොටු

Report

 පහල බියගම ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස රැස්කර තබා ගන්නා ලද ඩීසල් ලීටර 19,060ක් අඩංගු බවුසර් රථ දෙකක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ කාර්යාංශයට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකර තිබුණි.

 මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 , 22 , 32 හා 42 වයස්වල පසුවන හෙයියන්තුඩුව තිහගොඩ හා නෙළුම්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය .

මෙම සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් ගන්නා ලොරි රථ , ටිපර් රථ හා ප්‍රයිමුවර් රථ වැනි වාහනවලට මුදල් ලබාදී එම රථවල ටැංකිවලින් ඩීසල් ලබාගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ වගේම විමර්ශනවලදී අනාවරණය වී තිබෙනුයේ ඔවුන් විසින් සකස් කර ඇති ටැංකිවලට ඒවා ගබඩා කර අලෙවි කර ඇති බවයි .

මග බලා සිටි අස්වැසුමේ සුබ පණිවිඩය මෙන්න

මග බලා සිටි අස්වැසුමේ සුබ පණිවිඩය මෙන්න

තවද සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී වාහනවලින් ඉන්ධන ලබා ගැනීමට යොදා ගත් මෝටර් සවිකර ඇති බට 2ක් බැරල් 16ක් සහ මුදලින් තුන්ලක්ෂ අසූඑක්දහසක් පොලිස් භාරයට ගත් බව පොලිසිය සදහන් කර තිබේ