අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම දෙගුණ තෙගුණ වෙයි

Report

පසුගිය සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ මෙරට අධිවේගී මාර්ග පද්ධතිය භාවිතයෙන් රුපියල් මිලියන 536කට අධික ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

අප්‍රේල් මස 10 වැනිදා සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා වූ දින 11ක කාලසීමාව තුළ මෙම වාර්තාගත ආදායම ලැබී තිබේ.

අදාළ දත්තයන්ට අනුව, මෙම කාලය තුළ අධිවේගී මාර්ග භාවිත කර ඇති සමස්ත වාහන සංඛ්‍යාව දාහතර ලක්ෂ තිස් එක්දහස් තුන්සිය දහනමයකි(1,431,319).

ජේවීපී එකට සල්ලි දීපු ඊබ්‍රාහිම්ව රකින්නේ ඇයි? - නාමල් රාජපක්ෂගෙන් මාලිමාවට සැර ප්‍රහාරයක්

ජේවීපී එකට සල්ලි දීපු ඊබ්‍රාහිම්ව රකින්නේ ඇයි? - නාමල් රාජපක්ෂගෙන් මාලිමාවට සැර ප්‍රහාරයක්

උත්සව සමයේ ගම්බිම් බලා ගිය සහ නැවත කොළඹ බලා පැමිණි ජනතාව අධික ලෙස අධිවේගී මාර්ග භාවිත කිරීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතුව වී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අදාළ කාලය තුළ ලැබුණු නිශ්චිත ආදායම රුපියල් 536,425,675ක් බවයි.

මේ මුහුදු සීමාව හරහා යන බහුදින ධීවර යාත්‍රා සඳහා නව නීතියක්

මේ මුහුදු සීමාව හරහා යන බහුදින ධීවර යාත්‍රා සඳහා නව නීතියක්