දින 3කදී අධිවේග මාර්ග ආදායම සීමාව ඉක්මවයි

Report

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 3ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 163කට අධික ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ, අප්‍රේල් 10, 11 සහ 12 යන දිනවලදී පමණක් අධිවේගී මාර්ග භාවිත කළ වාහන 434,338ක් ධාවනය වී ඇති බවයි.

එම කාලය අතරතුර, 12 වනදා පමණක් රුපියල් මිලියන 45කට අධික ආදායමක් ලබා ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කිසියම් ආපදාවකට ලක්වුවහොත් 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දී ඇත.

ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

ජේසූස්ට සමාන ඡායාරූපය ට්‍රම්ප් ඉවත් කරයි

ජේසූස්ට සමාන ඡායාරූපය ට්‍රම්ප් ඉවත් කරයි