ඔයත් රටින් ගෙනාපු සුදුවෙන ක්‍රීම් ගෑවද?

Report

සුදු වෙන ක්‍රීම් ගාලා ලස්සන වෙන්න ගොඩක් තරුණ තරුණියෝ වැඩිපුර කැමැත්තක් දක්වනවා.ඒ සඳහා ඔවුන් විශාල වශයෙන් මුදල් වැය කරන්නත් දෙපාරක් හිතන්නේ නෑ.හැබැයි මේ ආලේපනවල ප්‍රමිතිය පිළිබඳව පාරිභෝගිකයන් කොතෙක් දැනුවත් ද කියන දේ සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ අනුව ගලන්තයෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද බව ප්‍රකාශ කරමින් අලෙවි කිරීමට ආයතන දෙකකින් සූදානම් කර තිබූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් රාජසන්තක කොට විනාශ කිරීමට ද අධිකරණය මගින් නියම කර ඇත. පසුගිය ජුනි මස 06 වනදා රාජගිරිය ප්‍රදේශයේ ආයතන දෙකක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කළ වැටලිමකදී මෙම සුවඳ විලවුන් සහ ආලේපන තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන ඇත.

වැටලීමේ දී නිලධාරීන් භාරයට ගත් තොගය සහ ඒ සම්බන්ධව තවදුරටත් සිදුකරනු ලැබූ විමර්ශන වලින් අනතුරුව අදාළ ආයතනයන්ට එරෙහිව ඊයේ (24) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලදි. ‍

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ

ඒ අනුව, එංගලන්තයේ නිෂ්පාදනයක් බව පවසමින් ක්‍රීම් හා කන්ඩිෂනර් දේශියව ලේබල් කර විකිණිම සඳහා ඉදිරිපත් කිරීම, කල් ඉකුත් වූ ශරීරාලේපන ඇසුරුම් විකිණිම සඳහා ඉදිරිපත් කිරීම, ආනයනකරුගේ වෙළෙඳපොළට නිකුත් කරන්නාගේ තොරතුරු නොමැතිව ශරීරාලේපන විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, සටහන් කරන ලද තොරතුරු ඉවත් කර නව නිෂ්පාදන දිනයක්, කල් ඉකුත් වීමේ දිනයක් සටහන් කර ශරීරාලේපන ඇසුරුම් විකිණිම සඳහා ඉදිරිපත් කිරීම සහ සැපයුම්කරුගේ කුවිතාන්සියක් හෝ බිල්පත් නොමැතිව භාණ්ඩ විකිණිම සඳහා ප්‍රදර්ශනය කිරීම යන චෝදනා 5ක් සම්බන්ධයෙන් රාජගිරිය ඩොනල්ඩ් අබේසේකර මාවතෙහි ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන සෙරෙන් සෙන්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක දඩයක් නියම කරනු ලැබීය.

කූරු ගනින්නේ නැතුව බෙහෙත් තුණ්ඩු ලියන්නේ කොහොමදැයි දොස්තරලා නලින්දගෙන් අහයි

කූරු ගනින්නේ නැතුව බෙහෙත් තුණ්ඩු ලියන්නේ කොහොමදැයි දොස්තරලා නලින්දගෙන් අහයි

එසේම ආනයනකරුගේ තොරතුරු සඳහන් නොකර ශරීරාලේපන, විටමින්, හිස ආලේපන විකිණීමට ප්‍රදර්ශනය කිරීම සහ සැපයුම්කරුගේ කුවිතාන්සියක් හෝ බිල්පත් නොමැතිව භාණ්ඩ විකිණිම සඳහා ප්‍රදර්ශනය කිරීම යන චෝදනා 4ක් සම්බන්ධයෙන් රාජගිරිය අඹ ගහ හංදිය ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන එස් ඇන්ඩ් ඩී ඩෙස්ටිනි පුද්ගලික සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් රුපියල් ලක්ෂයක දඩයක් අධිකරණය මගින් නියම කර ඇත.

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

එසේම ඉහත වෙළෙඳ ආයතන දෙකෙන් නිලධාරීන් භාරයට ගත් රුපියල් මිලියන 10 කට ආසන්න වෙළෙඳපල වටිනාකමක් සහිත අදාළ භාණ්ඩ තොගය, රාජසන්තක කොට විනාශ කිරීමට ද අධිකරණය මගින් නියම කර ඇත.