අපහසුතාවයට පත් වුන කාලය ඉවරයි - දුරගමන් බස් රථ සඳහා ඔන්ලයින් ක්‍රමවේදය හරහා ආසන වෙන් කර ගත හැකි වෙබ් අඩවියක්

Report

දුරගමන් බස් රථ සඳහා ඔන්ලයින් ආසන වෙන් කිරීමේ නව සේවාවක් නියමු වැඩසටහනක් ලෙස ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(04) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර තිබේ.

 ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් දෛනික ගමන් බිමන් සඳහා බස් රථ භාවිතා කරන අතර, දුම්රියටත් වඩා බස් ප්‍රවාහනයට වැඩි ප්‍රචලිතතාවයක් ඇති බව එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඔහු අවධාරණය කළේ එහෙත් වර්තමානයේ බස් ආසන වෙන් කර ගැනීම සඳහා බස් නැවතුම්පොළ වෙත යාමට සිදුවීම හේතුවෙන්, දිගු ගමන් සැලසුම් කිරීමේ අපහසුතා පවතින බවයි.

යාපනය කළඹමින් චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමියෙන් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

යාපනය කළඹමින් චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමියෙන් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

“මෙම නව ක්‍රමය මඟින් ජනතාවට පෙර ආසන වෙන් කරගෙන ගමන් සැලසුම් කළ හැකිය.

එමෙන්ම, බස් රථ තුළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද සාධාරණ මිල ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය බවද මෙහිදී සඳහන් කර ඇත.

මෙම වැඩසටහන මුලින් පෞද්ගලික බස් සේවා හරහා ක්‍රියාත්මක වන අතර, පසුව එය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කරයි.

 ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති මොතිලාල් ඩී සිල්වා මහතා පැවසුවේ, මෙම වැඩසටහන අවුරුදු නිවාඩුවට පෙර හඳුන්වා දුන් බවත්, විවිධ පෞද්ගලික සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක කරන එකමුතුවක් බවත්ය

“අපි සන්නිවේදන සේවා සපයන්නෙකු ලෙසින් පමණක් නොව, ජනතා ගැටළු සඳහා විසඳුම් සපයන ආයතනයක් ලෙස කටයුතු කිරීමට කැපවී සිටිනවා,”

මෙම සේවාව යටතේ මාකුඹුර, ගාල්ල සහ මහනුවර වැනි ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන තෝරාගෙන ඇති අතර, එය සාර්ථක වූ පසු දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතව තිබේ .

ජනතාවට www.busticket.gov.lk වෙබ් අඩවිය හරහා හෝ 0112001266 දුරකථන අංකය මගින් ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතී.

ඒ වගේම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සෘජුවම උපදෙස් ලබාගෙන ආසන වෙන් කර ගැනීමේ පහසුකම්ද ලබා දී තිබේ .

රියදුරාගේ හපන්කම නිසා වෙන්න ගිය විනාශයක් වැළකෙයි

රියදුරාගේ හපන්කම නිසා වෙන්න ගිය විනාශයක් වැළකෙයි

මෙම සේවාව භාවිතා කිරීමේදී රුපියල් 30ක පමණ අමතර ගාස්තුවක් අයකරන අතර, කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම්ද සපයා තිබේ.

මෙම ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මාධ්‍ය හරහා දැනුවත් කිරීම සිදු කරනු ලබයි.

තවද ජනතාවගෙන් වුන් ඉල්ලා සිටින්නේ මෙම සේවාව භාවිතා කර ප්‍රතිචාර ලබාදෙන ලෙසයි.