හිටපු පා. මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග[UPDATE]

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි යන අය දින තුනක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔවුන් සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මෙම නියෝගය ලබා ගෙන ඇති බවයි.

එබැවින් අනිද්දා (18) එම සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව එම කොට්ඨාසයේ ‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කර ඇත. කොළඹ අපරාධ ‍කොට්ඨාසය කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකට අනුව හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි යන අයගේ පිළියන්දල පිහිටි නිවෙසේ තිබී ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගනු ලැබුවේ ඊයේ (16) පෙරවරුවේදීයි.

අත්අඩංගුවට ගත් හිටපු පා.ම. චන්දන කත්‍රිආරච්චිට රැඳවුම් නියෝග?

අත්අඩංගුවට ගත් හිටපු පා.ම. චන්දන කත්‍රිආරච්චිට රැඳවුම් නියෝග?

මෙම සැකකාර හිටපු මන්ත්‍රීවරයා අනවසරයෙන් ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බවද මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා. හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල මාම්පෙ, වවනවත්තපාරේ නිවස ඊයේ (16) පෙරවරුවේදී සෝදිසි වරෙන්තුවකට අනුව සෝදිසියට ලක්කළ විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ටී 56 බැගසින් දෙකක්, ජීව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ 200කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබුණා.

එම නිවෙස සෝදිසි කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඇත.

අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි යන අය අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගෙන ‍ගොස් ඇත. මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුගේ නිවෙස සෝදිසි කළ අවස්ථාවේදී 84S වර්ගයේ ජීව උණ්ඩ 31ක්, 0.22 ‍වර්ගයේ ජීව උණ්ඩ 103 ක්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටි 56 මැගසින් 02 ක්, ටි 56 ජිව උණ්ඩ 221 හා බෝර 16 ස්ටීවන් වර්ගය ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුව ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුව ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මිලිමිටර 9 වර්ගයේ පිස්තෝල දෙකක් ද සැකකරුගේ නිවෙසේ තිබි සොයාගත් බවයි.

එසේම ඒවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිගේ සහ ඔහුගේ බිරිඳට අයත් නිත්‍යානුකූල ගිණිඅවි බවත් සඳහන්. තවද මෙහි තිබී බෝර 12 සහ බෝර 16 ගිනි අවියක් ද සොයා ගැනිමට පොලිසිය සමත් වි ඇති අතර ඒවාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිගේ බිරිදට අයත් නීත්‍යානුකූල ගිනිඅවි බවත් මේ වන විට බිරිඳ විදෙස් ගතව සිටින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ජීව අත්බෝම්බය ඊයේ (16) දින නිශ්ක්‍රීය කර ඇත. මේ අතර සැකකරුගේ දෙමහල් නිවසේ ඉදිරිපස සහ පිටුපස කාමරයේ සඟවා තිබියදී මෙම ජීව උණ්ඩ සහ මැගසින් මෙන්ම ජීව අත් බොම්බය සොයා ගෙන තිබෙනවා.

අ. ඩොලර් 286ක මිලකට බොරතෙල් මිලට ගත්තද? ලංකාවම කළඹපු තෙල් ප්‍රශ්නෙට සිපෙට්කෝ සභාපති උත්තර දෙයි

අ. ඩොලර් 286ක මිලකට බොරතෙල් මිලට ගත්තද? ලංකාවම කළඹපු තෙල් ප්‍රශ්නෙට සිපෙට්කෝ සභාපති උත්තර දෙයි

එමෙන්ම පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත්" අයිෂා" නිල සුනඛයා එම ස්ථානයට ගෙන්වීමට පොලිසිය කටයුතු කර ඇත.

එසේම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටි සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්තගේ උපදෙස් මත ඒකක පහ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුක භාෂිත රසාංජන ඇතුළු නිළධාරින් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂණ පවත්වා ඇත.

තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට - ශ්‍රී ලංකාව ගැනත් අවධානය

තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට - ශ්‍රී ලංකාව ගැනත් අවධානය