අ. ඩොලර් 286ක මිලකට බොරතෙල් මිලට ගත්තද? ලංකාවම කළඹපු තෙල් ප්‍රශ්නෙට සිපෙට්කෝ සභාපති උත්තර දෙයි[VIDEO]

Report

ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 286ක මිලකට මිලදී ගත් බවට පළවන වාර්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රතික්ෂේප කරයි.

එසේම ඔහු පෙන්වා දෙන්නේ මෙම ඉහළ මිල ගණන් යටතේ මිලට ගෙන ඇත්තේ පිරිපහදු කළ අනෙකුත් ඉන්ධන බවයි.

එමෙන්ම සභාපතිවරයා සංස්ථාව කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් ඩොලර් 286කට මිලදී ගෙන නොමැති බව ද අවධාරණය කර ඇත.

මේ අතර ඔහු ඉදිරිපත් කළ දත්තවලට අනුව, ඉකුත් මාර්තු 11 වනදා මෙරටට පැමිණි බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.99ක් වූ අතර, ඉදිරි මාසයට විවෘත කර ඇති ණයවර ලිපි (LC) අනුව බොරතෙල් බැරලයක උපරිම මිල ඩොලර් 113.29ක් පමණ වේ.

QR කේතය නැතුව පෙට්‍රල් ගන්න තිබුණු සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

QR කේතය නැතුව පෙට්‍රල් ගන්න තිබුණු සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ඒ අනුව සභාපතිවරයා පෙන්වා දෙන්නේ HSBC ආයතනය නිකුත් කළ වාර්තාවක "තෙල් මිලදී ගැනීමක්" (Oil purchase) වශයෙන් සඳහන් කර තිබූ කරුණක්, බොරතෙල් (Crude oil) ලෙස වරදවා වටහා ගැනීමෙන් මෙම මතභේදය හටගෙන ඇති බවයි.

තවද ඔහු ප්‍රකාශ කරන්නේ "තෙල්" යන පොදු නාමය භාවිතා කිරීමේදී එය බොරතෙල්ද, පෙට්‍රල්ද නැතිනම් ඩීසල්ද යන්න නිවැරදිව සඳහන් කර නොමැති බවයි. කෙසේ වුවද ලෝක වෙළඳපොළේ ඩීසල් වැනි පිරිපහදු කළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු පිළිගෙන ඇත.

එමෙන්ම පෙබරවාරි මාසයේ ඩොලර් 88.83ක් වූ ඩීසල් බැරලයක සාමාන්‍ය මිල අප්‍රේල් මුල වන විට ඩොලර් 199.70 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

ඇවිලුණු යුද උණුසුමෙන් පසු පළමුවරට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙන් අද දිවයිනටම සුබ ආරංචියක්

ඇවිලුණු යුද උණුසුමෙන් පසු පළමුවරට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙන් අද දිවයිනටම සුබ ආරංචියක්

සභාපතිවරයා පැහැදිලි කළේ මෙරටට ඉන්ධන මිලදී ගැනීමේදී නෞකාවෙන් තෙල් ගොඩබාන දින පහක මිල සාමාන්‍යය සහ වාරිකය (Premium) එකතු කර මිල තීරණය වන බැවින්, ලෝක වෙළඳපොළේ මිල උපරිම වූ කාල සීමාවකදී පැමිණි ඉන්ධන නැව් වෙනුවෙන් මෙසේ ඉහළ මිලක් ගෙවීමට සිදුවන බවයි.

එබැවින් ඩීසල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286 බැගින් මිලදී ගෙන ඇති බවත් ඔහු පිළිගෙන ඇත.

එසේ ඉහළ මිලකට හෝ ඉන්ධන ලබා නොගත්තේ නම් රටේ ඉන්ධන සැපයුම අඩාල වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා කියා සිටියේ,

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

"අපි බොරතෙල් බැරල් එකක් කිසිම අවස්ථාවක ඩොලර් 286ට අරන් නෑ. මේ අර්බුදය පටන් ගත්තාට පස්සේ අපිට තෙල් නැවක් ඇවිත් තියෙන්නේ 3 වෙනි මාසේ 11 වැනිදා මර්බන් කෘඩ් එකක් ඒකේ බැරල් එකක් වුණේ ඩොලර් 66.99 ඊට පස්සේ අද තමයි බොරතෙල් නැවක් එන්නේ ඒකේ ප්‍රයිස් එක වෙලා තියෙන්නේ බැරල් එකක් 71.99යි. එතකොට ඉතා පැහැදිලියි බොරතෙල් මිලදී ගැනීමක් ඔය කියන ගණන්වලට අරගෙන නෑ. මම හිතන්නේ මෙතන ගැටලුව මතුවෙලා තියෙන්නේ HSBC ප්‍රධාන විධායක නිලධාරීතුමා කරපු ප්‍රකාශයක්. එක්කෝ ඒක වරදවා තේරුම් අරගෙන මාධ්‍ය වැරදි විදිහට ඒක ප්‍රචාරය කරලා තියෙනවා නැත්නම් හිතාමතා ප්‍රචාරයක් කරලා තියෙනවා. අපි දැන් හොයලා බැලුවාම HSBC ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් දාලා තියෙනවා එතුමන්ලා කියලා නෑ බොරතෙල් කියලා. එතුමන්ලා කියන්නේ තෙල් මිලදී ගැනීමක් වෙලා තියෙනවා කියලා. ඒක හරි. ඒ නිසා මේ ප්‍රචාර කිරීමෙන් රටේ යම් කැළඹීමක් ඇතිවෙනවා... ලෝක වෙළෙඳපොලේ ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා අපි ඒ ගත් ඒවා ගත්තොතින් ෆ්ලැට් ඇවරේජ් එක විතරක් අපි ඩීසල් ගත්ත ඒවා තියෙනවා වැඩිම ගාන 242කට ගිහිල්ලා. ප්‍රිමියම් අගයන් අපිට 50ට 48ට යන්න වුණා ඒකත් එක්ක මිල වැඩිවෙලා තියෙනවා. අපිට ඒ විදිහට තෙල් ගත්තේ නැත්නම් රටේ තෙල් සැපයුමක් නැතිව යනවා. ඩීසල් අපිට වෙලා තියෙනවා 285.28ක් ඒ ඇවිල්ලා තුන්වැනි මාසේ 31 ආපු නැව. ඊට පස්සේ ආපහු 4 වැනි මාසේ 7 වැනිදා ආපු නැවක් තියෙනවා ඒකට වෙලා තියෙනවා 288. 06ක් සුපර් ඩීසල්වලට 303.77ක්"  

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,