මහින්දානන්ද හා නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා හට එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.
අද (28) දින අදාල අභියාචනාව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබිය.
කරුණු විමසූ විනිසුරු මඩුල්ල විසින් අදාළ අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.
මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.