ගල්අඟුරු කොමිසම හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගෙන් ප්‍රශ්න කරයි

Report

ගල්අඟුරු ගනුදෙනු සහ ඒවායේ ප්‍රසම්පාදන කටයුතුවලට අදාළව කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හිටපු බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පෙනී සිටියේය.

එහිදී කොමිසම විසින් ඒ මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

2024 නොවැම්බර් 18 වැනිදා බලශක්ති අමාත්‍ය ධූරයට පත් වූ කුමාර ජයකොඩි මහතා, මෙම ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධ විමර්ශන කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව කරගෙන යෑමට ඉඩ සැලසීම සඳහා ඉකුත් අප්‍රේල් මස 17 වැනිදා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

කෙසේ වෙතත්, ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

ඉදිරි පැය 24 තුළ ලංකාව වටා සිදුවෙන දේ ගැන සියලු ජනතාවට වලංගු නිවේදනයක්

ඉදිරි පැය 24 තුළ ලංකාව වටා සිදුවෙන දේ ගැන සියලු ජනතාවට වලංගු නිවේදනයක්

ජනාධිපති කොමිසමේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා ප්‍රකාශ කළේ ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ වත්මන් ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා, හිටපු ලේකම්වරුන් සහ අමාත්‍යාංශ ප්‍රධානීන් ඇතුළු 60කට වැඩි පිරිසකගෙන් මේ වනවිටත් ප්‍රකාශ සියයක් පමණ ලබාගෙන ඇති බවයි.

මෙම සිදුවීමට අදාළව ඉදිරියේදී තවත් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.