හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණයට එළඹ තිබේ.