මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි. වාසල මහත්මිය නියෝග කළ අතර, සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය.
වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහු අත්අඩංගුවට ගත් අතර, අදාළ නඩුව මැයි 11 වනදා නැවත කැඳවීමට නියමිතය.