නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

Report

නවකවදයට මුහුණ දෙන සිසුවෙකුට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය, මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එක් එක් විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවයි.

TikTok කරන අය පරිස්සමෙන්.. පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කරලා - මෙන්න සම්පූර්ණ කතාව

TikTok කරන අය පරිස්සමෙන්.. පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කරලා - මෙන්න සම්පූර්ණ කතාව

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, කොළඹට කැඳවා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවන වසර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළේ ය.

ප්‍රසන්න සහ ඉෂාරාට මොකද වුණේ?

ප්‍රසන්න සහ ඉෂාරාට මොකද වුණේ?