ප්‍රසන්න සහ ඉෂාරාට මොකද වුණේ?

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා සැකකටයුතු ස්ථාන 10ක් පරීක්ෂා කළද, ඔහු ගැන මෙතෙක් තොරතුරක් නොලැබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මාවර මණ්ඩිය, කිරිබත්ගොඩ, කිරිල්ලවල, මීගමුව, ගම්පහ, කැලණිය, වත්තල ඇතුළු ප්‍රදේශ 10ක් හදිසි සෝදිසි කිරීම්වලට ලක් කර ඇත.

රණවීර මහතා සොයා ගැනීමට වෙස්වලා ගත් බුද්ධි අංශ කණ්ඩායම් ද යොදවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

TikTok කරන අය පරිස්සමෙන්.. පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කරලා - මෙන්න සම්පූර්ණ කතාව

TikTok කරන අය පරිස්සමෙන්.. පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කරලා - මෙන්න සම්පූර්ණ කතාව

මේ අතර, පාතාල නායක ගනේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සොයා දිවයින පුරා ස්ථාන 200කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කළද, ඇය ගැන ද තොරතුරක් හෙළි වී නැති බව උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව ඔහු සඳහන් කළේය. ප්‍රසන්න රණවීර මහතා 2025 මාර්තු 7 සිට අතුරුදන්ව සිටින අතර, ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි 2025 පෙබරවාරි 19 සිට අතුරුදන්ව සිටී.

ඡන්දෙට බාර් වහන දවස මෙන්න

ඡන්දෙට බාර් වහන දවස මෙන්න

මේ වන විට ඔවුන් දෙදෙනා අතුරුදන්ව මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇත. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජලා ද සිල්වා මහත්මිය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග කළාය.

2025 මාර්තු 6 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ කැලණි නිවසට ගිය විට ඔහු නිවසින් පලා ගොස් සිටින බව හෙළි විය.

ජපුර සරසවියේත් නවක වද.. සිසුවෙකුට පහරදීලා...

ජපුර සරසවියේත් නවක වද.. සිසුවෙකුට පහරදීලා...