මිලියන 25ක වියදමින් සංවර්ධනය කළ එරාවුර් පොදු වෙළඳපොළ ජනතා අයිතියට

Report

රුපියල් මිලියන 25ක් වැය කරමින් සංවර්ධනය කළ එරාවුර් පොදු වෙළඳපොළ ජනතා අයිතියට පත් කෙරුණා. එරාවුර් පොදු වෙළඳපොළ විවෘත කිරීමේ උත්සවය පුන්නකුඩා ප්‍රදේශයේ දී පැවැත්වුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද ප.ව. 1න් පසුව මෙම ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම්

අද ප.ව. 1න් පසුව මෙම ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම්

පසුගිය කාලයේ සංවර්ධන කටයුතු අතහැරදමා තිබූ මෙම වෙළදපල වත්මන් රජය විසින් සංවර්ධන කටයුතු ආරම්භ කර වසර එකහමාරක් තුළ ජනතා අයිතියට පත් කිරීමට පියවර ගත් බවයි පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසුවේ.

පොදු වෙළඳපොළ සංවර්ධනය කිරීම තුළින් ප්‍රදේශයේ ව්‍යාපාරික ජනතාවට බලපෑ ගැටලු කිහිපයකට විසඳුම් හිමිවනවා.

අලුත් අවුරුදු බස් ව්‍යාපාරයට රතු එළිය - අධික ගාස්තු අයකරොත් 1955 අමතන්න

අලුත් අවුරුදු බස් ව්‍යාපාරයට රතු එළිය - අධික ගාස්තු අයකරොත් 1955 අමතන්න