ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න යයි.. අතට මුදල්?. පාසල් දරුවන් ගැනත් කරන්න යන දෙය මෙන්න..(PHOTO)

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩ පිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟා සිටු වීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කර සිටියේ ය.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වන බව මෙහිදී නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා පැවසීය.

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා සහාය ලබා දීමට තම සංවිධානය අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම මෙරට ග්‍රාමීය ජනතාවගේ දුප්පත් භාවය තුරන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත නිවේදනයෙන්,

You May Like This Video👇 

Gallery