මේ අයට හදිසි දැනුම් දීමක් - කළින් නාය ගිය ස්ථාන යළි සක්‍රීය වීමේ අවදානමක්
By Kaushi
මහනුවර උඩදුම්බර ප්‍රදේශයට යළිත් තද වර්ෂාව අද හැළීමට පටන් ගැනීමත් සමඟ නාය ගිය ස්ථාන ආසන්නයේ සිටින පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරලීමට පොලිසිය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව නාය යන අවදානම් ස්ථාන ආසන්නයේ පදිංචි වී සිටින ජනතාවට වහාම එම අනතුරුදායක ස්ථානවලින් ඉවත් වන ලෙස උඩදුම්බර පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ උඩදුම්බර මිණිපේ සහ හසළක ප්‍රදේශවලට තද වැසි ඇදහැළෙන බවයි.
එසේම මින් පෙර නාය ගිය ස්ථාන යළි නායයාමේ අවදානම් තත්වයක් පවතින බැවින් උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශවලට ගොස් මෙම හදිසි දැනුම් දීම සිදු කර ඇති බව සඳහන්.