මොණරාගල-කොළඹ ප්‍රධාන පාර යටවෙයි
මොණරාගල-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශය ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර එම මාර්ගයේ ගමන් කළ බස් රථයක් හදිසි ගංවතුරට හසු වී ඇත.
එමෙන්ම එහි ගමන්ගත් මගීන් 23 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගෙන ඇති අතර කුඹුක්කන් ඔයේ ජල මට්ටම තවත් ඉහළ යා හැකි බැවින් ඒ අවට පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටින ලෙසට මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී ඇත.