ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තාවේ .
ඒ නිපා වෛරසය ආසාදනය වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ය.
එසේම මෙම රෝගය වැළදුණු තවත් 60 දෙනෙක් හඳුනාගෙන ඇති බව කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
වෛරස ආසාදනයෙන් මිදීම සඳහා මුව ආවරණ පළඳින ලෙසත් ලෙඩුන් බැලීම සඳහා රෝහල් වලට යෑමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලා සිට තිබේ.