හදිසි සෞඛ්‍ය තත්ත්වයක්..ආයෙමත් ලොක්ඩවුන් කරයිද..

By Piyumika Jul 22, 2024 05:27 AM GMT
Report

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තාවේ .

ඒ නිපා වෛරසය ආසාදනය වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ය.

යකඩ පොල්ලකින් මාමණ්ඩිට මැරෙන්නම ගහපු බෑණා අත්අඩංගුවට..

යකඩ පොල්ලකින් මාමණ්ඩිට මැරෙන්නම ගහපු බෑණා අත්අඩංගුවට..

එසේම මෙම රෝගය වැළදුණු තවත් 60 දෙනෙක් හඳුනාගෙන ඇති බව කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

වෛරස ආසාදනයෙන් මිදීම සඳහා මුව ආවරණ පළඳින ලෙසත් ලෙඩුන් බැලීම සඳහා රෝහල් වලට යෑමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලා සිට තිබේ.