ආයේ විශ්‍රාම දිවියට සල්ලි ඉතිරි කරලා වැඩක් නෑ - මස්ක්
ලෝකයේ අද වනවිට ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් විශ්‍රාම කාලය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත.
ඒ අනුව ඔහු සඳහන් කළේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් ඉතිරි කිරීම අනාගතයේදී ඵලක් නොවනු ඇති බවටයි. එසේම මිනිසුන්ට තවදුරටත් විශ්‍රාම දිවිය පිළිබඳ කරදර වීමට අවශ්‍ය නොවනු ඇති බවට ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සෑම පුද්ගලයෙකුටම ‘සර්වව්‍යාපී ඉහළ ආදායමක්’ හෙවත් අනාගතයේදී ලොව සෑම පුද්ගලයෙකුටම ඉහළ මට්ටමේ ආදායමක් හිමිවන ක්‍රමවේදයක් හිමිවනු ඇති බවට ඔහු විශ්වාස කිරීම නිසා බව සඳහන්.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ පීටර් ඩයමන්ඩිස් සමඟ පැවැත්වූ 'මූන්ෂොට්ස්' නම් පෝඩ්කාස්ට් වැඩසටහනක මෑතකාලීන කථාංගයකදී ලොව ධනවත්ම පුද්ගලයා ලෙසයි.
එම අවස්ථාවේ දී ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන මස්ක් කියා ඇත්තේ වසර 10ක් හෝ 20ක් වැනි කාලයකින් පසු උදාවන විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක්රැස් කිරීම ගැන කරදර නොවන ලෙසයි.
"එය වැදගත් දෙයක් නොවේවි" යනුවෙන් මස්ක් අවධාරණය කර ඇත.
එමෙන්ම තමන් පවසන කරුණු සත්‍ය වුවහොත්, විශ්‍රාම කාලය සඳහා මුදල් ඉතිරි කිරීම තවදුරටත් අදාළ නොවන කරුණක් වනු ඇති බවත් ඔහු පැවසුවා.