ඉලොන් මස්ක්ගෙ බලාපොරොත්තු සුන්
අඟහරු ග්‍රහයා මත මිනිස් ජනාවාස ඉදි කිරීම සම්බන්ධයෙන් සිහින මවන ඉලොන් මස්ක්ගේ SpaceX ස්ටාර්ෂිප් යානයක් ගුවනේදී පුපුරා ගිය බවට වාර්තා වේ.
මෙසේ යානය පුපුරා ගොස් ඇත්තේ ඉන්දීය සාගරයේ ඉහළ අහසේදී බවයි වාර්තා වන්නේ.
මෙය මෙතෙක් ඉලොන් මස්ක්ගේ SpaceX සමාගම උඩුගුවනට යැවූ විශාලතම සහ ප්‍රබලතම අභ්‍යාවකාශ යානය බවද සඳහන් වේ.
එමෙන්ම මෙය මිනිසුන් රහිත යානයක් විය.
එකවරම මෙම ස්ටාර්ෂිප් යානය සමඟ තිබූ සියලු සබඳතා බිඳවැටීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.
එම නිසා යානය කැබලිවලට කැඩී ඉන්දීය සාගරය මතට ඇද වැටිය හැකි බවට අඳාළ සමාගම පවසා තිබුණා.
ඒ අනුව අද 9 වැනි වරට මෙසේ SpaceX සමාගම විසින් ස්ටාර්ෂිප් අභ්‍යවකාශ චාරිකාව සිදු කර ඇත.
ඒ අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටා තිබූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනුයි.
එහෙත් SpaceX සමාගම මඟින් මෙම ගුවන්ගමනේ අසාර්ථකත්වය සනිටුහන් කරමින් නිවේදනය කළේ ස්ටාර්ෂිප් යානාව සමඟ පැවති සියලු සබඳතා බිඳවැටුණු බවයි.
තවද මේ නිසා ගුවන්ගමන් පවා වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් එහි දී පවසා තිබෙනවා.
