ජනපති රනිල් දළඳා සමිඳු වැඳ පුදා ගනී...

Report

අද (15) දිනයේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.

ඉන් අනතුරුව මහනුවර අස්ගිරි සහ මල්වතු මහා විහාර වෙතද ගිය ජනාධිපතිවරයා, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමි සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේ ය.